English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය

සිව්වන ටියුනප් දන්සැල

වාහන වායු විමෝචන භාරකාර අරමුදල සිව්වන වරටත් සංවිධානය කරන ලද නොමිලේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සුසර කර දීමේ වැඩසටහන 2025 මැයි මස 15, 16 දෙදින පැවැත්වුණි.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල සිව්වන වරටත් සංවිධානය කරන ලද "ටියුනප් දන්සැල "හෙවත් නොමිලේ යතුරු පැදි සහ ත්‍රී රෝද රථ සුසර කර දීමේ වැඩසටහන නාරහෙන්පිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී 2025 මැයි මස 15, 16 දෙදින පැවැත්වුණි. නව රජයේ Cleans Srilanka වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක කරනු ලබන මෙම වැඩසටහන සඳහා. ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමන්, පරිසර අමාත්‍යාංශ ලේකම්තුමන්, ප්‍රවාහන අමාත්‍යාංශය අතිරේක ලේකම්තුමන් , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තුමන්, වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂකතුමන් හා ත්‍රී රෝද රථ සංගම් නිලධාරීන් ද සම්බන්ධ වුණි.