වාහන වායුවිමෝචන භාරකාර අරමුදල විසින් දිවයින පුරා විසිරී සිටින TVS යතුරු පැදි නිෂ්පාදන ආයතනයේ කාර්මික ශිල්පීන්, අලෙවි නියෝජිතයින් උදෙසා සිදු කරන ලද දුම් පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳව එක් දින වැඩමුළුව. 2025 .06.27 එහි පළමු කණ්ඩායම සඳහා වන වැඩමුළුව හොරණ පිහිටි TVS යතුරු පැදි නිෂ්පාදන ආයතනයේ ශ්‍රවනාගාරයේදී සිදු කෙරුණි. ඒ සඳහා වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ශක ඉංජිනේරු දසුන් ගමගේ මහතා හා වායු විමෝචන අරමුදලේ තාක්ශණ නිලධාරී අසේල චාමර මහතා සම්පත් දායකත්වය දක්වන ලදී.