English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute
ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය

නිල් අහසක් සඳහා පිරිසිදු වාතය" Blue Sky Day " පත්තර මහ ගෙදරටත් ටියුනප් කඳවුරක්

"නිල් අහසක් සඳහා පිරිසිදු වාතය" (Blue Sky Day )දිනය මුල් කර ගනිමින් 2025 සැප්තැම්බර් 04 දින පත්තර මහ ගෙදර නැතහොත් ලේක්හවුස් ආයතනයේ ටියුනප් කඳවුරක් ක්‍රියාත්මක කරන්නට යෙදුණි.

පත්තර මහ ගෙදරටත් ටියුනප් කඳවුරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කරන ලද "නිල් අහසක් සඳහා පිරිසිදු වාතය" Blue Sky Day " පිළිබඳ දිනය සැප්තැම්බර් 07 වන දිනට යෙදීී ඇත. මෙම දිනය මුල් කර ගනිමින් වාහන වායු විමෝචන භාරකාර අරමුදල වැඩසටහන් රාශියක් මේ වන විටත් සිදු කරමින් ඇත. එහි එක් තවත් පියවරක් වශයෙන් 2025 සැප්තැම්බර් 04 දින පත්තර මහ ගෙදර නැතහොත් ලේක්හවුස් ආයතනයේ ටියුනප් කඳවුරක් ක්‍රියාත්මක කරන්නට යෙදුණි. ලේක්හවුස් ආයතනයේ වාහන මෙන්ම, ලේක් හවුස් ආයතනයේ සේවය කරන සේවකයින්ගේ වාහනද මෙහිදී සුසර කිරීම සිදුකෙරුණි. එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ප්‍රවාහනය අංශය හා එක්ව වාහන වායු විමෝචන අරමුදල විසින් සංවිධානය කරන ලද මෙම tune up කඳවුර සඳහා ඩේවිඩ් පීරිස් ආයතනයේ දායකත්වයද ලබාදෙන ලදී.