2025 වසරේ ජගත් පරිසර දිනයට සමගාමීව මැයි 31 දින වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය ලෙස නම් කරන ලදී. ඒ වෙනුවෙන් වාහන වායු විමෝචනය පරීක්ෂා කිරීම හා නිවැරදි කිරීමේ වැඩසටහනක් ( tuneup කඳවුරක් ) වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් කෑගල්ල නිදහස් මාවතේදි එම දවස පුරා සිදුකරන ලදී. මෙම අවස්ථාවට කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී සාගරිකා අතාවුද මහත්මිය ඇතුලු දේශපාලන නියෝජිතයින් , මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා , පරිසර අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමන් , වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධක්ෂ දසුන් ජනක ගමගේ මහතා ,කෑගල්ල නියෝජ්‍ය පොලිස්පතිතුමන්, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිසාපතිවරුන් දෙපල, සහකාර දිස්ත්‍රික් ලේකම්තුමිය ඇතුලු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක් වූහ.