English │
සිංහල │
தமிழ்
ISO 9001:2015 Quality management certified institute

All Island Video Creating competition - 2024

more details

ISO 9001:2015 තත්ත්ව කළමනාකරණ සහතික ලත් ආයතනය
English │
සිංහල │
தமிழ்

අප ගැන

වාහන වායු විමෝචන ව්‍යාපෘතියේ ඉතිහාසය
වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ
ව්‍යාපෘති කාර්යාලය

වාහන වායු විමෝචන භාරකාර අරමුදල, ව්‍යවස්ථාපිත රාජ්‍ය සංවිධානයක් වන අතර, වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන අධීක්ෂණය කරනු ලබන සුවිශේෂී නියාමන අධිකාරිය ලෙස කටයුතු කරයි. මෙහි මූලික පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන වැඩිදියුණු කිරීම සහ නියාමනය කිරීමයි. තවද වාහන වායු විමෝචන භාරකාර අරමුදල, රට තුළ වායු තත්ත්ව කළමනාකරණය ප්‍රවර්ධනය කිරීමේ පුරෝගාමී කාර්යභාරයක් ඉටු කරනු ලබයි. හවුල්කාර සංවිධාන සමඟ සහයෝගී ප්‍රයත්නයන් හරහා, අප අවට වාතයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රථවාහන කළමනාකරණය ප්‍රශස්ත කිරීම අරමුණු කරගත් පර්යේෂණ සහ ව්‍යාපෘති සඳහා තීරණාත්මක සහාය සපයනු ලබයි. මෙම මෙහෙයුම් කටයුතු සඳහා නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මධ්‍යම ව්‍යාපෘති කාර්යාලය මඟින් පහසුකම් සපයනු ලබයි. මෝටර් රථ සහ වාහන විමෝචනය පිළිබඳ තාක්‍ෂණික පුහුණුවලත් විශේෂඥයන්ගෙන් සහ පරිසර විද්‍යාව පිළිබඳ විශේෂඥ කාර්යයාල කාර්ය මණ්ඩලයකින් සැදුම්ලත් ව්‍යාපෘති කාර්යාලයකි. ඔවුන්ගේ වගකීම් මධ්‍යස්ථාන විගණනය, මාර්ග පරීක්ෂාව, පැමිණිලි කළමනාකරණය සහ දැනුවත් කිරීම් වැනි විවිධ ක්‍රියාකාරකම් වලින් සමන්විත වේ. කැබිනට් අනුමැතිය ලත් වායු සම්පත් කළමනාකරණ කේන්ද්‍රයේ මගපෙන්වීම හා උපායමාර්ගික සහ අධිකාරී ප්‍රවේශය යටතේ ව්‍යාපෘති කාර්යාලය ක්‍රියාත්මක වේ.

වාහන වායු විමෝචන භාරකාර අරමුදල 2008 සැප්තැම්බර් මස 03 දින අමාත්‍ය මණ්ඩලය තීරණ ලේඛන අංක අම්ප /08/1514/354/054 යටතේ අනුමත කර පිහිටුවන ලදී. මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ භාණ්ඩාගාරයට බරක් නොවී වාහන වායු විමෝචන වැඩසටහන සඳහා පහසුකම් සැලසීමයි. විමෝචන පරීක්ෂණ සමාගම් පරීක්ෂණ ගාස්තුවෙන් 10%ක මුදලක් වාහන වායු විමෝචන භාරකාර අරමුදල වෙත බැර කරනු ලබයි. වාහන වායු විමෝචන වැඩසටහන ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ සියලුම රජයේ වියදම් ආවරණය කිරීම සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල බැඳි සිටිනු ලබයි. වාහන වායු විමෝචන භාරකාර අරමුදල පාලනය වනුයේ භාරකාර ගිවිසුමකින් වන අතර එය භාණ්ඩාගාරයේ ලේකම් සහ භාරකාර මණ්ඩලය විසින් අත්සන් කරනු ලැබේ. භාරකාර ගිවිසුම සඳහා පුද්ගලයන් පස් දෙනෙකු භාරකරුවන් ලෙස කටයුතු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ පරිසර වාතයේ ගුණාත්මක භාවය සහ රථවාහන කළමනාකරණය ඉහළ නැංවීම කෙරෙහි මූලික වශයෙන් අවධානය යොමු කර ඇති අතර අරමුණු හතක් භාරකාර ඔප්පුව මගින් හදුන්වා දී ඇත. වාහන විමෝචන පරීක්ෂණ ව්‍යාපෘති කාර්යාලය 2010 වසරේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කරන ලදී. වාහන වායු විමෝචන කාර්යාලය ක්‍රියාත්මක වන්නේ භාරකාර අරමුදලේ අරමුණු හත සම්පූර්ණ කිරීම සඳහා ය. වාහන වායු විමෝචන කාර්යයාලයේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස කටයුතු කරනු ලබන්නේ වාහන වායු විමෝචන වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල් වෙත වාර්තා කරන ව්‍යාපෘති අධ්‍යක්ෂවරයාය. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වාහන වායු විමෝචන වැඩසටහනේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස නිල මට්ටමින් ක්‍රියා කරනු ලබයි.

Year Description
1989-91 A study of NBRO revealed the average of Dust Fall (DF) and Sulphation Rate (SR) were high in the Colombo area.
1991-92 CEA identified HC, CO, NO2, SO2 levels in ambient air were much above the WHO recommended levels.
1992 GOSL Developed Clean Air 2000 Action Plan (CA2AP) with the support of the World Bank.
1993-99 Vehicle emissions have been identified as the major culprit of ambient air pollution after several studies. (Mathes et al 1993, Chandrasiri 1999)
1994 Ministry of Environment gazetted the National Ambient air quality standard.
1994 DMT published in-use vehicle emission standard under vehicle regulation 817/6 for diesel vehicles at 80%.
1996 CEA received two fixed and one mobile ambient air quality monitoring stations to promote air quality standards and emission control measures.
1998 A petition was filed under article 126 of the constitution in the supreme Court against the Minister of Environment claiming that government’s inaction to address the high ambient air pollution levels in Colombo Metropolitan Area violates his fundamental right to breathe clean air.
1999 The Supreme Court directed Minister of Environment to gazette the regulation of vehicle emission, fuel quality and vehicle importer specification before 01.06.2000.
2000 Ministry of Environment published extraordinary gazette 1137/35 containing national environmental regulation 01 of 2000 to come into effect from 01 01 2003.
2001 With the collaboration of all stakeholders, Air Resource Management center was established to coordinate agencies, public presentation, policy development, capacity building, promoting research, etc.
2002 Lead (Pb) free fuel standard was gazetted.
2003 Amended emission standard was published under extraordinary gazette 1295/11 due to higher failure rates.
2003 Cabinet approval was granted to select appropriate private companies to start vehicle emission testing centers.
2007 Agreements signed with two selected companies (Laugf eco Sri (pvt) Ltd. and Drive Green (pvt) Ltd.) to execute vehicle emission testing centers island-wide.
2008 Republished the same standard (which was published in 2003) under extraordinary gazette 1557/14.
17.11.2008 Vehicle emission testing mechanism starts from the western province.
2008-2009 Establishment of Emission Testing Trust fund (VETTF) and a Project office with an intention to Auditing, Promoting, Awareness, and environmental protection & road safety activities.
2009 Vehicle emission testing process expanded to Southern, Central and North Central provinces.
2011 Vehicle emission testing process expanded to Eastern province.
2013 Vehicle emission testing process expanded to Northern province.
05.11.2014 Updated vehicle emission standard was published in the gazette.
2018 Established 9 Vehicle emission testing centers at SLTB depot to cover 9 provinces and granted approval to Sri Lanka Transport Board (SLTB) to conduct vehicle emission testing of SLTB buses at their premises.
2018 VETTF funded to establish 2 fixed ambient air quality monitoring stations in Battaramulla and Kandy under the supervision of CEA and one mobile air quality monitoring station under the supervision of NBRO.
2018 Euro 4 emission standard for vehicle importation was published.

Past Project Directors
  • Mr. A. W Dissanayaka- 2010-2017
  • Eng. R. L. Molagoda (Acting)- 2018-2021
  • - භාරකාර ගිවිසුමෙහි අරමුණු -
    වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ කාර්යයන් පහසු කර ගැනීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුල ව්‍යාපෘති කාර්යාලය ආරම්භ කර පවත්වා ගෙන යාම.
    එම කාර්යාලය මගින් කාර්යක්ෂම හා නිසි ප්‍රමිතීන් පවත්වා ගෙනයාම සඳහා අධීක්ෂණ හා ඇගයීම් වැඩසටහන් ක්‍රියාත්මක කර අරමුදලේ අරමුණු ඉටු කර ගැනීම.
    මෙම වැඩසටහන අධික්ෂණය හා ඇගයීම් කටයුතු සඳහා අවශ්‍ය කරන පර්යේෂණ හා විශ්ලේෂණ සඳහා යන්ත්‍ර සුත්‍ර මිලදී ගැනීම.
    සම්පත්දායකවරුන්, උපදේශකවරුන්, ගණකාධිකාරි හා ලේකම් ඇතුළු කාර්ය මණ්ඩලයේ සේවය ලබා ගැනීම.
    වායු විමෝචන වැඩසටහන කාර්යක්ෂමව ඉටු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම.
    වාහන කළමනාකරණය සඳහා පහසුකම් සැපයීම වැඩිදියුණු කිරීම හා මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරකම් සඳහා පහසුකම් ලබාදී අරමුණු ඉටුකර ගැනීම.
    වායු දුෂණය අඩු කර වායු තත්වය වැඩිදියුණු කිරීමටත්, රෝග ඇතිවීම වැලැක්වීමට අවශ්‍ය පියවර ගෙන මහජනතාවගේ සාමාන්‍ය ජනජිවිතය නගා සිටුවීම.

    වාහන වායු විමෝචන භාරකාර අරමුදල සහ
    ව්‍යාපෘති කාර්යාලය

    මෝටර් රථවලින් පිටවන වායුවෙන්, නාගරික වායු දූෂණය පාලනය කිරීමේ අරමුණින් 2008/09/03 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය අංක අම්ප/08/1514/354/054 අනුව වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන් කාර්යාලය ආරම්භ කරන ලදී. භාණ්ඩාගාරයට බරක් නොවන පරිදි වාහන වායු විමෝචන වැඩසටහන පහසු කිරීම සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල ද එම කැබිනට් තීරණය යටතේ ස්ථාපිත කරන ලදී.

    වාහන වායු විමෝචන ව්‍යාපෘති කාර්යාලය පිහිටුවන ලද්දේ වායු දූෂණය අවම කිරීම, කාර්යක්‍ෂම යානත්‍රනයක් පවත්වාගෙන යාම, උපකරණ මිලදී ගැනීම, ප්‍රවාහන කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම සඳහා ය.

    පාර්ශවකාර ආයතන

    - වාහන විමෝචන ප්‍රමිතීන් ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ ව්‍යවස්ථාදායක රාමුව සංවර්ධනය කිරීම.

    - 2025 පිරිසිදු වායු ක්‍රියාකාරී සැලැස්ම සහ වාහන වායු විමෝචන වැඩසටහනට අදාළ අනෙකුත් ජාතික හා පාරිසරික ක්‍රියාකාරී සැලසුම්වල දක්වා ඇති ක්‍රියාමාර්ග සහ උපාය මාර්ග සම්බන්ධීකරණය කිරීම.

    - වාතයේ ගුණාත්මකභාවය අධීක්‍ෂණය සඳහා රටපුරා අවට වායු තත්ත්ව නිරීක්ෂණ ජාලයක් පිහිටුවීම.

    - වායු දූෂණය පිළිබඳ පර්යේෂණ, සංවර්ධනය පෝෂණය සහ බලපෑම් තක්සේරු කිරීම.

    - ඵලදායී වායු තත්ත්ව පරීක්ෂාවන් සඳහා තොරතුරු දැනුම සහ මානව සම්පත් සංවර්ධනය

    - වායු තත්ත්ව පරීක්ෂාවන් සඳහා තිරසාර මූල්‍ය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ වාහන වායු වමෝචන අරමුදලට ඉදිරිපත් කළ යුතු ප්‍රමුඛතා ව්‍යාපෘති හඳුනා ගැනීම.

    - • මෝටර් රථ ගමනාගමන පනත යටතේ වාහන වායු විමෝචන වැඩසටහනට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා වගකීම දරයි.

    - පිරිසිදු ඉන්ධන, තාක්ෂණයන් සහ අනෙකුත් ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තිරසාර මූල්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම.

    - බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුත් හරිත වාහන භාවිතා කිරීමට දිරිමත් කිරීම / වාහන විමෝචන ප්‍රමිතිය සමාලෝචනය කිරීම / යුරෝ එන්ජින් ප්‍රමිතීන් හඳුන්වාදීම සහ ආනයනය කිරීම / ජෛව ඉන්ධන සහ විකල්ප ඉන්ධන භාවිතා කිරීමට දිරිමත් කිරීම / විද්‍යුත් සහ දෙමුහුන් වාහන සඳහා යටිතල පහසුකම් කළමනාකරණය කිරීම / පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් වාහන ප්‍රවර්ධනය කිරීම /විදුලි වාහන සඳහා සූර්ය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම.

    - • වායු දූෂණයට අදාළ සෞඛ්‍ය බලපෑම් සඳහා ප්‍රතිපත්තිමය තීරණය නිරීක්ෂණය කිරීමේ වගකීම දරයි.

    - • වාහන විමෝචනය සම්බන්ධ සෞඛ්‍ය බලපෑම් පිළිබඳ දැනුවත් කිරීම.

    - වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීම.

    - වාහන වායු විමෝචන වැඩසටහනේ කාර්යක්ෂමතාවය වැඩි දියුණු කිරීම.

    - සියලුම පාර්ශ්වකරුවන් සමඟ සියලුම වාහන සඳහා වායු විමෝචන නියාමනය ඇතුළු රෙගුලාසි සකස් කිරීම සහ රෙගුලාසිවලට අදාළ රැස්වීම් සහ සම්මන්ත්‍රණ පැවැත්වීම.

    - වාහන වායු විමෝචන වැඩසටහන සහ පනතට අදාළ සම්මන්ත්‍රණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා මෝටර් රථ ප්‍රවාහන පනතට අවශ්‍ය සංශෝධන සිදු කිරීම.

    - සාමාන්‍ය ජනතාව අතර වාහන විමෝචනය පිළිබද දැනුවත් කිරීම, අධ්‍යාපනය, තොරතුරු සහ දැනුම කළමනාකරණය කිරීම.

    - වාහන වායු විමෝචන උපකරණ ක්‍රමාංකනය කිරිම හා දිවයින පුරා මධ්‍යස්ථාන වලින් ක්‍රමාංකන පහසුකම් ලබා දීම.

    - වාහන වායු විමෝචන මධ්‍යස්ථානවල වාහන වායු විමෝචන උපකරණ සම්බන්ධ කටයුතු සඳහා සහභාගී වීම.

    - වාහන වායු විමෝචන උපකරණවල උපකරණ/මෘදුකාංග වෙනස් කිරීම් සඳහා අනුමැතිය ලබා දීම.

    - මොටර් රථ පුවාහන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමත්විත කණ්ඩායමක් සමඟ සියලුම දිස්ත්‍රික්කවල විමධ්‍යගත වාහන වායු විමෝචන මධ්‍යස්ථාන පරීක්ෂාව.

    - රජය විසින් සකසා ඇති වාහන විමෝචන ප්‍රමිතිය ඵලදායී ලෙස බලාත්මක කිරීම.

    - මාර්ගස්ථ දුම් පරීක්ෂණ වැඩසටහන් සඳහා සහයෝගය දැක්වීම.

    - සමස්ත වායු දූෂණ පාලන ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීම.

    - වාතයේ තත්ත්ව අධීක්‍ෂණය සඳහා රටපුරා අවට වායු තත්ත්ව නිරීක්ෂණ ජාලයක් පිහිටුවීම.

    - ස්ථාවර සහ ජංගම සංසරණ වායු තත්ත්ව අධීක්ෂණ මධ්‍යස්ථාන භාවිතයෙන් අවට වාතයේ තත්ත්ව අධීක්‍ෂණය සහ දිවයින පුරා වායු තත්ත්ව අධීක්ෂණ වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම.

    - සංසරණ වායු තත්ත්වය මැණීමේ ඒකකය නඩත්තු කිරීම සහ දත්ත වලංගු කිරීම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත වාර්තා කිරීම සහ දත්ත හුවමාරු කිරීම.

    - අවට වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම.

    - මොටර් රථ පුවාහන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය සහ මිණුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමත්විත කණ්ඩායමක් සමඟ සියලුම දිස්ත්‍රික්කවල විමධ්‍යගත වාහන වායු විමෝචන මධ්‍යස්ථාන පරීක්ෂාව.

    - වාහන වායු විමෝචන ප්‍රමිතීන්ට අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීම.

    - වාහන වායු විමෝචන මධ්‍යස්ථාන සඳහා පාරිසරික නිෂ්කාශන බලපත්‍රය (EPL) නිකුත් කිරීම.

    - වාහන වායු විමෝචන මධ්‍යස්ථාන සඳහා පරිසර නිෂ්කාශන බලපත්‍රය (EPL) නිකුත් කිරීම.

    - වාහන වායු විමෝචන මධ්‍යස්ථාන / වාහන වායු විමෝචන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය ප්‍රතීතනය කිරීම.

    - ප්‍රතීතන ක්‍රියාවලිය සඳහා සහභාගී වන තක්සේරුකරුවන් සඳහා ධාරිතාව ගොඩනැගීමේ වැඩසටහන පැවැත්වීම.

    - තෝරාගත් ප්‍රදේශ වල වායු දූෂණ රටාව පුරෝකථනය කිරීම සහ වඩාත් ඵලදායී හා කාර්යක්ෂම වායු තත්ත්ව කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ඇතුළු විවිධ අරමුණු සඳහා පර්යේෂණ පැවැත්වීම සහ දත්ත රැස්කිරීම, මෙම පර්යේෂණවලින් ලබාගත් නිගමන ක්‍රියාත්මක කිරීම.

    - පර්යේෂණ සහ ව්‍යාපෘතිවල සොයාගැනීම් හා ප්‍රතිපත්ති සම්පාදනයන් පාර්ශවකරුවන් අතර බෙදා හැරීම.

    - උපදේශක/තාක්ෂණික සහ මෙහෙයුම් කමිටු සඳහා සහභාගී වීම.

    - රජය විසින් සකසා ඇති වාහන විමෝචන ප්‍රමිතිය ඵලදායී ලෙස බලාත්මක කිරීම.

    - මාර්ග දෙපස විමෝචන පරීක්ෂණ වැඩසටහන් සඳහා සහභාගී වීම

    - රජය විසින් සකසා ඇති වාහන විමෝචන ප්‍රමිතිය ඵලදායී ලෙස බලාත්මක කිරීම.

    - මාර්ග දෙපස විමෝචන පරීක්ෂණ වැඩසටහන් සඳහා සහභාගී වීම

    - වායු තත්ත්ව කළමනාකරණය පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සහ වායු තත්ත්ව අධීක්‍ෂණයක් විමෝචන දත්ත ඉන්වෙන්ටරි සකස් කිරීම.

    - වායු තත්ත්ව අධීක්ෂණ වැඩසටහනක් පැවැත්වීම සහ අවට වාතයේ ගුණාත්මකභාවය පිළිබඳ තොරතුරු පද්ධතියක් ස්ථාපිත කිරීම.

    - ආදායම් බලපත්‍රය සඳහා වාහන වායු විමෝචන සහතිකය එකතු කිරීම සහ විගණනය කිරීම සඳහා වගකීම දරයි.

    - ආදායම් බලපත්‍රය සඳහා වාහන වායු විමෝචන සහතිකයට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ සඳහා ක්‍රියාමාර්ග ගැනීම.

    - ආදායම් බලපත්‍රය සඳහා වාහන වායු විමෝචන සහතිකයට අදාළව නිකුත් කර ඇති චක්‍රලේඛ සඳහා ක්‍රියාමාර්ග ගැනීම.

    - කොන්ත්‍රාත්කරුවන් දෙදෙනෙකු විසින් eRL පද්ධතියට මාරු කරන ලද වායු විමෝචන දත්ත කළමනාකරණය කිරීම.

    - eRL පද්ධතියට මාරු කරන ලද වායු විමෝචන දත්ත විශ්ලේෂණය කිරීම සඳහා වාර්තාකරණ මොඩියුලයක් ස්ථාපිත කිරීම.