All Island Video Creating competition - 2024
මෝටර් රථ වාහන පනත සඳහා නීතිමය විධිවිධාන
Updated National Determine contribution plan Download
2030 තිරසාර සංවර්ධන ඉලක්ක සඳහා වාහන වායු විමෝචන වැඩසටහනේ ක්‍රියාකාරකම්වල දායකත්වය අවබෝධ කර ගැනීම ද වැදගත් වේ. වැඩසටහනේ ක්‍රියාකාරකම් ආර්ථික, සමාජීය සහ පාරිසරික අංශ හරහා විහිදෙන බැවින්, ඒවාට සෘජුව සහ වක්‍රව සම්බන්ධ වන බහු තිරසාර සංවර්ධන ඉලක්ක දක්නට ලැබේ.
සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහතික කිරීම සහ සියලු වයස්වල සැමට යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම
ඉලක්කය 3.9 : 2030 වන විට හානිකර රසායනික, වාතය, ජලය සහ පස දුෂණය වීමත්, අපිරිසිදු වීමත් නිසා ඇති වන මරණ සහ රෝගී තත්වයන් සැලකිය යුතු මට්ටමින් අඩු කිරීම.
VET වැඩසටහන මගින් ඉලක්කය: වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වන වාහන සංඛ්‍යාව වැඩි කිරීම මගින් අවට වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම.
සියලු දෙනාම අන්තර්කරණය වු සහ සාධාරණ ගුණාත්මක අධ්‍යාපනයක් සහතික කිරීම සහ සැමට ජීවිත කාලය පුරාම ඉගෙනීමේ අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
ඉලක්කය 4.3 : 2030 වන විට සියලුම කාන්තාවන්ට සහ පිරිමින්ට ගුණාත්මක වශයෙන් ඉහළ සහ අඩු මුදලකට ලබා ගත හැකි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ද ඇතුළත්ව තාක්ෂණික, වෘත්තීය සහ තෘතීයික අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවීම.
ඉලක්කය 4.4 : 2030 වන විට සුනිසි රැකියා සහ ව්‍යවසායකත්වයක් සඳහා තාක්ෂණික හා වෘත්තීය සුදුසුකම් ඇතුළුව අදාළ කුසලතා ලබා සිටින තරුණයින් සහ වැඩිහිටියන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් ඉහළ නැංවීම.
තාක්‍ෂණික අධ්‍යාපනය සඳහා තරුණයින් සහ වැඩිහිටියන් යාවත්කාලීන දැනුමෙන් සන්නද්ධ කරන්න.
ඉලක්කය 8.6: 2030 වන විට අධ්‍යාපනය නොලබන, පුහුණුවක් නොලබන, රැකියාවක් නොමති යෞවනයින්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමින් අඩුකිරීම.
යටිතල පහසුකම් ගොඩනැගීම, ඇතුළත් සහ තිරසාර කාර්මිකකරණය ප්‍රවර්ධනය කිරීම සහ නවෝත්පාදනයන් පෝෂණය කිරීම.
ඉලක්කය 9.5 : විද්‍යාත්මක පර්යේෂණ වැඩිදියුණු කිරීම. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවත්නා රටවල් ඇතුළු සියලු රටවල කර්මාන්ත අංශයන්හි තාක්ෂණික ධාරිතාවන් ඉහළ නැංවීම. 2030 වන විට නවෝත්පාදනය දිරිගැන්වීම සහ පර්යේෂණ හා සංවර්ධන කාර්යයන්හි නියුතු ශ්‍රමිකයන් සංඛ්‍යාව ජනගහනයට සාපේක්ෂව ප්‍රමානිකව ඉහළ නැංවීම සහ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ පර්යේෂණ සහ සංවර්ධනය සඳහා වූ වියදම් වැඩි කිරීම.
VET වැඩසටහන මගින් ඉලක්කය : සොයාගැනීම් ක්‍රියාකාරී ප්‍රතිපත්ති බවට පරිවර්තනය කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ සිදු කරන ලද වායු තත්ත්ව ආශ්‍රිත පර්යේෂණ සංඛ්‍යාව වැඩි කිරීම.
නගර සහ මිනිස් ජනාවාස ඇතුළත්, ආරක්ෂිත, අභියෝගයන්ට මුහුණ දීම සඳහා කාර්යක්ෂම නාගරික සැලසුම්කරණ සහ කළමනාකරණ ප්‍රතිපත්ති ඇති කිරීම.
ඉලක්කය 11.6 : 2030 වන විට විශේෂයෙන්ම වාතයේ ගුණාත්මකභාවය සහ නාගරික සහ වෙනත් අපද්‍රව්‍ය කළමනාකරණය ඇතුළත්ව නගර නිසා සිදු වන ඒක පුද්ගල අහිතකර පරිසර බලපෑම අඩු කිරීම
VET වැඩසටහන මගින් ඉලක්කය: වායු විමෝචන ප්‍රමිතීන්ට අනුකූල වන වාහන සංඛ්‍යාව වැඩි කිරීම මගින් අවට වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම.
ක්‍රියාත්මක කිරීමේ මාධ්‍යයන් ශක්තිමත් කිරීම සහ තිරසාර සංවර්ධනය සඳහා වූ ගෝලීය හවුල්කාරිත්වය පුනර්ජීවනය කිරීම
ඉලක්කය 17.18 : 2030 වන විට අවම වශයෙන් සංවර්ධනය වූ රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා කුඩා දිවයින් රාජ්‍ය ද ඇතුළුව සංවර්ධනය වෙමින් පවත්නා රටවල උසස් ගුණාත්මක තත්වයේ, නිසි කළට නිකුත්වන, විශ්වාසදායී දත්ත, ආදායම, ස්ත්‍රී පුරුෂභාවය, වයස, ජනවර්ගය, ජාතිකත්වය, සංක්‍රමණික තත්වය, ආබාධිතබව, භූ විද්‍යාත්මක ස්ථානය සහ අදාළ සංදර්භයන් පදනම් කරගෙන වෙන් වෙන් වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍ය ධාරිතාවන් ශක්තිමත් කිරීම.
VET වැඩසටහන මගින් ඉලක්කය: 2030 වන විට, අදාළ පාර්ශ්වකරුවන් සමඟ සහයෝගීතාවයෙන් උප-ජාතික මට්ටමින් වෙන් කරන ලද වායු තත්ත්ව දත්ත සැපයීම.